සූර් වන රියැදුරන් ඇල්ලුවාට වයඹ බාර් දුකෙන්!

වයඹ පළාත තුළ පොලීසිය මගින් බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම් වැඩි වීම නිසා තමන්ගේ ව්‍යාපාර දිනෙන් දින කඩා වැටෙන බව වයඹ පළාත් මත්පැන් අවන්හල් හිමියන් චෝදනා කරනවා.
වයඹ පළාතට සුවිශේෂී මෙම බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේ වැඩපිළිවෙල වයඹ පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියමයෙන් ක්‍රියාත්මක කර තිබෙන්නේ වැඩි වන රිය අනතුරු ප්‍රමාණය අවම කිරීම සඳහායි.
නමුත් මෙම දැඩි නීති හමුවේ බොහෝ පිරිස් මත්පැන් පානය කිරීම සඳහා තම අවන්හල්වලට නොපැමිණෙන හෙයින් තමන්ගේ ආදායම පහළ ගොස් ඇති බවයි අවන්හල්හිමියන් පවසන්නේ.