ARTICLES

“බිස්නස් එක පැෂන් එකක් කරගන්න ” ප්‍රශ්න වලට කල් තියාම සූදානම් වුන Jio Moda හිමිකරුගේ කතාව

මේ කාලය රටට ඒ තරම් හොඳ කාලයක් නම් නෙවෙයි.බොහෝ දෙනෙක් තමන්ගේ ව්‍යාපාරවලින් ඈත් වෙන්න පටන් අරගෙන.සමහරු වෙනත් රටකට යන්න හදන ගමන්.හැබැයි මේ හැම ප්‍රශ්නයකටම උත්තර හොයන,ඒ උත්තරවලට කලින් ඉඳලම සූදානම් වුනු මිනිස්සුත් නැතුවාම නෙවෙයි.

“කොරෝනා කාලෙත් මම මගේ කිසිම සේවකයෙක්ව අමතක කරේ නෑ.අදටත් මං හිතන්නේ ඒ අය උදේට නැගිට්ටම ආසාවෙන් වැඩට එන්න ඕන කොහොමද කියන එක ”

මේ අන් කවරෙකුවත් නොව රටට ඩොලර් ගේන ඇඟලුම් කර්මාන්තයේ බොහෝ දෙනා දන්නා හඳුනන Jio Moda ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ජෝන් ඩි සිල්වා මහතා.

“මං පිටරට ගියේ අවුරුදු 14 දි.එහෙදි මං ෆැක්ටරියකුත් දැම්මා.ඒත් මට හිතුනා ලංකාවට ඇවිල්ලා ජීවත් වෙනවා තරම් හිතට නිදහසක් නෑ නේ කියලා”

ඔහු එදා ගත් තීරණය නිසාවෙන්ම අදටද පවුල් 200 කට වැඩියෙන් සෘජුව සහ තවත් පවුල් 200 කට ආසන්න පිරිසක් වක්‍ර ලෙසද රැකියා අවස්ථා උදා කරගෙන සිටිති.

ඒ සියල්ලෙහිම නිර්මාණකරුවා ඔහුය .

ඉතා උසස් තාක්ෂණයෙන් ගුණාත්මකව නිමි ඇඳුම් වෙළඳපොලට යොමු කරමින් වසර විස්සකට ආසන්න කාලයකට සාර්ථක වන්නට ඔහුට හැකි වුනේද සිය සේවක පිරිස නිසාවෙනි .

“මං බැලුවේ මේ කාලේ බස් වල එන්න වියදම වැඩියි.ඉතිං මෙයාලට එන්න ට්‍රාන්ස්පෝර්ට් එකක් දීලා තියෙන්නේ.ඒ වගේම දුරින් ඉඳන් බෝඩ් වෙලා වැඩට එන අයට නතර වෙන්න අපිම නවාතැනක් හදලා දීලා තියෙන්නේ.ඒක හරියට Google ඔෆිස් එකක් වගේ.හිතේ නිදහසින් ඉන්න පුලුවන්.”

වැහි වළාකුලක පවා රිදී ඉරක් ඇත යන්න කියමනක් තිබේ.ප්‍රශ්නයක් හමුවේ වුවද අලුත් අවස්ථාවන් බිහිවේ.

ඔහු ඒ සියල්ල ග්‍රහණය කරගන්නේ වසර ගණනාවක් ලබා ගත් අත්දැකීම් රාශියක්ද සමඟය .

“මට තේරුනා අපේ නිෂ්පාදනවලට ඉන්දියාව,ප්‍රංශය ,සයිප්‍රසය වගේම අපේ රටෙත් ඉල්ලුමක් තියෙනවා කියලා..ඉතින් මම වන් ගෝල් ෆේස් එකේ ෂොප් එකක් ඕපන් කරා ”

සාමාන්‍යයෙන් එදා සේද මාවත යුගයේ සිටම මෙරට ප්‍රචලිත වූයේ ව්‍යාපාරවලට කේන්ද්‍රස්ථානයක් ලෙසටය.ඒ බැවි යළිත් සපථ කරමින් මෙරටට වැඩි ඩොලර් ප්‍රමාණයක් ගෙන ඒම ඔහුගේ අරමුණයි.

“පහුගිය කොරෝනා කාලේ ආයතනය රැකගන්න සේවකයෝ ගොඩක් කැප කිරීම් කරා.ඒ ගැන කියන්නම ඕනේ.ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ සෙලාන් බැංකුව.මොකද එයාලා නිතරම මට හයියක් වුනා.දෙයක් පටන් ගද්දි හැම වෙලාවෙම උදව් කරා ”

ඔහු ඒ ගැන කියන්නේ ආඩම්බරයක් ද මුසුවය.මන්ද එවන් සේවක පිරිසක් සහ එවන් මූල්‍යමය අත හිතක් ලැබෙන්නේ නම් නොවැටී ඉදිරියට යන්නට ඒ හයිය මහ මෙරක් තරම්ය .

“බිස්නස් එක ෆැශන් එකක් කරගන්න..එතකොට ඒක විඳින්න පුලුවන්.”

ඒ ඔහුගේ හැටිය.ඒ නිසාවෙන්ම අදටද ඔහු සාර්ථක ව්‍යාපාරිකයෙක්.උත්සාහවන්ත මිනිසෙකි.