ARTICLES

“ඒ ගත්ත කාර් එක හදලා පත්තරේ ඇඩ් එකක් දැම්මම පුදුම දෙයක් වුනේ ” නොවැටී ඉදිරියටම ඇවිත් මීගමුවෙන් රටම ජයගත් මිනිසෙකුගේ කතාව

“ජීවිතයත් විටෙක අරුම පුදුමය .අද ඉහළ තැනක සිටින මිනිසා තවත් දිනෙක ජීවිතයේ අඩියටම වැටෙනු ඇත.”

මේ කියමන ජීවිතයට මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රයට ද පොදුය. එහෙත් මේ හැම අභියෝගයක්ම ජයග්‍රහණය කරමින් තමන් ආරම්භ කළ ගමන් මගේ ඉදිරියටම යන්නට කෙනෙක්ට හැකි නම් සැබවින්ම ඔහු උත්සාහ වන්තයෙකි .අනෙක් අයටද ආදර්ශයක් සපයන්නකි.

අද අපි මේ කතා කරන චරිතයත් එවන් අයෙකි. මීගමුව ප්‍රදේශයේ බොහෝ දෙනාගේ ආදරය දිනාගත් Niroshan Motor Traders හි අධිපති නිරෝෂන් ප්‍රනාන්දුපුල්ලේ මහතා පිළිබඳව ප්‍රදේශයේ බොහෝ දෙනා හොඳින්ම දැන සිටී.

සිය උත්සාහයෙන් ඉතා කුඩාවට ආරම්භ කළ මෝටර් රථ ආනයනය කිරීමේ ව්‍යාපාරය සමාජයීය අභියෝගයන් හමුවේ අත් නොහැර මේ වන විටත් සාර්ථකව පවත්වාගෙන ඒමට ඔහුට හැකි වී තිබේ.

එකී සාර්ථකත්වයේ රහස ද ඔහු පවසන්නේ මෙලෙසින්.

“වාහන ආනයනය කරන එක නතර කරනකොට ,මම ඉක්මනින්ම මගේ බිස්නස් මොඩියුල් එක වෙනස් කරා.පාවිච්චි කරපු වාහන මිලට අරගෙන අලෙවි කරන්න මම පටන් ගත්තා.ඒක පහසු වැඩක් නෙවෙයි.ඒත් මම කොහොමහරි ඒ අභියෝගයත් ජය ගත්තා ”

ඔහු ව්‍යාපාරික ලොවට අත්පොත තබන්නේද අරමුණක් සහිතවමය.එදා කුඩාවට ආරම්භ කල ඔහුගේ කතාව අද වන විට අත්දැකීම් සපිරි ව්‍යාපාරිකයෙකුගේ චරිතයක් සිහි ගන්වන්නේද ඒ අරමුණ වෙනුවෙන් ඔහු දිවා රෑ කැපවූ නිසාවෙනි.

” මං ඒ කාලේ යාළුවෙක් එක්ක එකතු වෙලා කාර් එකක් මිලට අරගෙන සති දෙකක් තිස්සේ ඒක අලුත් වැඩියා කරා . ඊට පස්සේ පත්තරේ ඇඩ් එකක් දැම්මා, ඒක විකුණන්න .එදාම ඒක විකුණුවා. අපි ඒ කාලෙ හැටියට රුපියල් තිස් පන්දාහක් විතර ලාභයක් ගත්තා . ඉතින් අපිට හරිම සතුටුයි .එතනින් තමයි මං මගේ බිස්නස් ඔක්කොම පටන් ගත්තේ ”

අද වන විට ඔහු වාහන ආනයනය සහ විකිණීමේ ක්ෂේත්‍රයට අමතරව සංචාරක ක්ෂේත්‍රයට ද පිවිස තිබෙන අතර තවත් එක් හෝටලයක් නුදුරේදීම විවෘත කිරීම ඔහුගේ අභිප්‍රායයි.මේ වන විටත් එහි ඉදි කිරීම් බොහොමයක් අවසන්.

“මං මේ හැම දේම කරද්දි ගෙදර වැඩයි,දුවලා දෙන්නගේ අධ්‍යාපන වැඩයි,ඔක්කොම බලාගන්නේ මගේ බිරිඳ.එයා මට ගොඩක් ලොකු හයියක්.ඒ වගේම තාත්තා ,අම්මාවත් මතක් කරන්න ඕනේ.ජපානයේ ඉන්න මගේ බිස්නස් එකට උදව් කරන යාලුවෝ දෙන්නවත් මතක් කරන්න ඕනේ.මොකද මට මේ තරම් දුරක් එන්න හයිය දුන්නේ එයාලා ”

කාලයෙන් කාලයට පැමිණෙන අභියෝග හමුවේ ,වෙනස් වෙමින් ඉදිරියට පැමිණීම ඔහු සතු සුවිශේෂි ලක්ෂණයකි.

මේ සියල්ලම අතරේ ඔහු මූල්‍ය කළමනාකරණයට ද වැදගත් තැනක් ලබා දෙයි .

“මට ඒ කාලේ ඉඳලා උදව් කරපු බැංකුව තමයි සෙලාන් බැංකුව.ඇත්තටම කිව්වොත් මීගමුව බ්‍රාන්ච් එකේ මම තමයි හොඳම කස්ටමර්.මට එයාලගෙන් ලොකු උදව්වක් ඒ කාලේ ඉඳලම ලැබෙනවා “.

නැහැ ,බැහැ යන්න දියුණුවෙන්නෙකුගේ ශබ්ද කෝෂයේ නොමැති වචන කිහිපයකි.ඇති හැකි පමණින් කොතනකින් හෝ ආරම්භ කල යුතුය.

ව්‍යාපාරික ලොවට පිවිසෙන්නට බලාපොරොත්තු වන ආධුනිකයින්ට ඔහු ලබා දෙන පණිවුඩය එයයි.