විදුහල්පතිනියකට රහසඟ පෙන්වූ පොහොට්ටුවේ මන්ත්‍රී මෙන්න

කෝට්ටේ ජනාධිපති බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනියට සහ දෙමාපියන් පිරිසකට තම රහසඟ පෙන්වූ බව කියන කෝට්ටේ මහනගර සභාවේ පොදු ජන පෙරමුණු හිටපු මන්ත්‍රී ඩෙන්සිල් පද්මසිරි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර හිටපු මන්ත්‍රීවරයා විසින් වට්ස්ඇප් ගෘපයක් ඔස්සේ තමන්ට අපහාස වන ආකාරයේ පණිවුඩ හුවමාරු කරමින් සිටින බවට විදුහල්පතිනිය සහ දෙමාපියන් විසින් වැලිකඩ පොලීසියට පැමිණිල්ලක් කර තිබෙන අතර, පැමිණිල්ල විභාග කිරීමෙන් පසු පොලිස් ස්ථානයෙන් පිරිස පිටව යන අතරතුර පොලිස් ස්ථානයේ ආපනශාලාවේ සිට සැකකරු පිරිසට සිය රහසඟ පෙන්වා ඇතැයි සඳහන්.
ඒ අනුවයි පොලීසිය මගින් හිටපු නාගරික මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.