E-බයික් එකක් තියෙනවනම් ඔබට ලැබෙන වාසි මෙන්න

මේ දවස්වල රටේ තත්වය ඒ තරම් හොඳ නැහැනේ.පෙට්‍රල් පෝලිම් ටිකෙන් ටික අඩු වුනත් වාහනයක් නඩත්තු කරන්න වියදම් වෙන මුදල නම් එන්න එන්නම දරාගන්න අමාරුයි.

මේ නිසාම ගොඩක් අයගෙ තේරීම වෙලා තියෙන්නේ E-බයික් එක.ඇත්තටම ලෝකයේ බොහෝ රටවල E-බයික්ස් වලට තියෙන්නේ ඉහළ ඉල්ලුමක්.මොකද පාවිච්චිය පහසුයි වගේම තමයි මේ නිසා ලැබෙන ප්‍රතිලාභත් ඉහළයි.

අද අපි කතා කරන්න හිතුවේ ඒ ගැන.

1.ලෝකයේ වේගයෙන්ම අලෙවි වන අලුත්ම වාහන සංකල්පයක්

එක එක කාලෙට එක එක වාහන වෙළඳපොලට එනවා.ඒත් සමහර වාහන වැඩි කාලයක් යන්න මත්තෙන් මිනිසුන්ගෙන් ඈත් වෙනවා.එහෙම වෙන්නත් එක එක හේතු තියෙනවා.හැබැයි E-බයික් එක කියන්නේ කිසිම හේතුවකට ජනතාවගෙන් ඈත් නොවන වාහනයක්.

මේ නිසාම E බයික් එකක හිමිකරුවෙක් වෙන්න බොහෝ දෙනා අතර දැඩි උනන්දුවක් තිබෙනවා.

අනිත් කාරණය තමයි මේක දැන් එක්තරා ආකාරයක ෆැෂන් එකක් වෙලා.පරිසර දූෂණය ගැන ලෝකයම කතා කරනකොට ,පරිසර හිතකාමී මේ වගේ වාහනවලට ඉල්ලුමක් ඇති වෙන එක පුදුම වෙන්න දෙයකුත් නෙවෙයි.

2.නඩත්තුව හරිම පහසුයි..

ඔයා භාවිතා කරන්නේ මෝටර් රථයක් හෝ යතුරු පැදියක් නම් ඒ සඳහා වැයවන මුදල ඉහළයි.අමතර කොටස් වල ඉඳලා පෙට්‍රල් ගහගන්න තැන වෙනකල්ම තියෙන්නේ සමහර විට දරාගන්නත් අපහසු තරමේ වියදමක්.

හැබැයි E බයික් හිමියන්ට නම් මේ ප්‍රශ්නය නැහැ.මොකද ඔබේ පසුම්බියට දැනෙන්නෙවත් නැති තරමටම මේ වාහනය නඩත්තු කරගන්න ඔබට පුලුවන්.

කොහොමත් වෙනත් වාහන වගේ නිතර ලෙඩ දෙන,නිතරම ගරාජ් ගානේ ගෙනියන්න ඕනේ ප්‍රශ්න මෙතනදි එන්නෙ නැහැ.

3.සාධාරණ මුදලකට ගන්න පුලුවන් වීම.

 

 

ඔබ වෙනත් වාහනයක් ගන්නවනම් අවුරුදු ගානක් ඒ වෙනුවෙන් හීන දකින්න ඕනේ.සතෙන් සතේ හරි සල්ලි ටිකක් එකතු කරගන්න ඕනේ.ඔය ඔක්කොමත් හරි,ඉතිරි මුදල ලීසිං එකක් විදිහට දාගන්නත් ඕනේ.

හැබැයි E බයික් එකක් කියන්නේ හරිම සාධාරණ මුදලකට ගන්න පුලුවන් වගේම ණය වෙලා ලීස් කරලා අමාරුවේ වැටෙන්නෙ නැතුව පොඩි ගානකට ගන්න පුලුවන් කම තියෙන වාහනයක්.

මොකද වෙනත් වාහනයක් ගද්දි එහෙම අවස්ථා හම්බවෙන්නෙ නැහැ.

අනිත් එක තමයි E බයික් එකක් මිලට ගන්නකොට ඔබට සෙලාන් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් තියෙනවනම් තවත් පහසුයි.අපේ රටේ වැඩිම වාසි සහ දීමනා ලබා දෙන කාර්ඩ් එකක් තමයි සෙලාන් ක්‍රෙඩිට් කාර්ඩ් එක කියලා කියන්නේ.මේ දවස්වලත් ඔන්න ඒ විදිහේ හිතා ගන්න බැරි තරම් ඔෆර්ස් ,සෙලාන් බැංකුවෙන් හඳුන්වලා දීලා තියෙනවා.ඒ ගැන මෙතනින් විස්තර ගන්නත් පුලුවන්. ඒ වගේම තවත් අදහාගත නොහැකි වාසි රැසක් මේ දවස්වල සෙලාන් බැංකුවෙන් ඔබට හිමිවෙනවා

ඔබ තෝරා ගන්නා E බයික්ස් වලට පොලී රහිතව පහසු ගෙවීමේ ක්‍රම ඔබට ලැබෙන අතරම වාරික 24 ක් දක්වාම ගෙවීමේ ක්‍රම ලබා ගන්න පුලුවන්.සෙලාන් වෙබ් අඩවියෙන් තවත් විස්තර ලබා ගන්න පුලුවන්.

4.විවිධ වර්ගයෙන් කැමති සහ ගැළපෙනම විදිහට තෝරාගන්න පුලුවන්.

සාමාන්‍යයෙන් කාර් එකක් ගන්නවනම් ඔබට හිතේ හැටියටම තෝරාගන්න අමාරුයි..මොකද බොහෝ වෙළඳ නාමවල එක් එක් වර්ගයන් ගත්තොත් ,වෙනස් නිෂ්පාදන තියෙන්නේ අතේ ඇඟිලි ගානටත් වඩා අඩුවෙන්.

ලංකාව ඇතුළෙදි සෙලාන් ක්‍රෙඩිට් කාර්ඩ් එක භාවිතා කරලා පහත සඳහන් වෙළඳ නියෝජිතයින්ගෙ ඔබට E බයික්ස් ලබා ගන්න පුලුවන්.

Takas.lk ,velo ,Nishans,Tomahawk,Daraz සහ Fono යන වෙළඳ ආයතනවලින් සෙලාන් ක්‍රෙඩිට් කාර්ඩ් පත භාවිතයෙන් පෙර සඳහන් කල පරිදි වාරික ලෙසින් ගෙවීමේ පහසුකම ඔබට ලබා ගත හැකි අතර, takas.lk වෙතින් ඔබ ලබා ගන්නා E බයික්ස් සඳහා අනතුරු ආවරණ රක්ෂණ පහසුකමත් හිමිවෙනවා.ඔන්ලයින්ම මේ ආයතනවලින් e බයික්ස් මිලට ගන්න පුලුවන්.ඒ වගේම තමයි ඒ ඒ අතරෙම සෙලාන් ක්‍රෙඩිට් කාර්ඩ් එකෙන් ලැබෙන අනෙකුත් පහසුකම් ලබාගන්නත් අමතක කරන්න එපා.

ඉතින් ඒ නිසා..අතේ ලොකු ගානක් නැතත් සෙලාන් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් තියෙනවනම් ,e බයික් සිහිනය ඔබට සැබෑ කරගන්න ලොකු වෙහෙසක් දරන්න ඕන වෙන්නෙ නැහැ.