NEWS

ගෝල්ෆේස් අරගලකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ?

දීර්ඝ කාලයක් අරගලකරුවන් රැඳී සිටීම නිසාවෙන් ගෝල්ෆේස් භූමියට සිදුව ඇති හානිය ඔවුන්ගෙන්ම අය කර ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග පවසනවා.

නීති විරෝධීව ඇතුළු වීම සහ අයුතු ජන රාශියක් ඔවුන් විසින් සිදු කර ඇතැයි අමාත්‍යවරයා පවසනවා.

මේ ඔහු දැක්වූ අදහස්

අරගලකරුවන් රැඳී සිටි ගෝල්ෆේස් පිටිය පොදු දේපොළක්. මෙය 1971 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරි පනත යටතේ 3(1) වගන්තිය ප්‍රකාරව මේ අනවසර ඉදි කිරීම් කර ඇති ස්ථානය අයත් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය 1978/09/30 දිනැති අංක 4/1 දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනර-
ජයේ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් නාගරික සංවර්ධන ප්‍රදේශයක් බවට ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ නිසා එවැනි නාගරික සංවර්ධන ප්‍රදේශයක යම් සංවර්ධන කටයුත්තක් තාවකාලික ඉදි කිරීමක් සිදු කරන්නේ නම් 1982 අංක 04 දරන නාගරික සංවර්ධන අධිකාරි (සංශෝධන) පනතේ 8(ඒ)1 වගන්තිය ප්‍රකාරව ඒ සඳහා බලපත්‍රයක් ගත යුතුයි.