සබරගමුවෙන් ආරම්භ වී රටේම ජනප්‍රිය වුන “මහකඩේ ඉස්ටෝරුවේ ” කතාව

“ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත ” යන්න අපි කුඩා කල සිටම අසා තිබූ ජනප්‍රිය කියමනක්.

හැබැයි මේ කතාව ටිකක් වෙනස් කරන්න හිතුවේ අපේ කතා නායකයා ගැන කියන්න ඕන නිසාමයි.තාත්තා කෙනෙක්ගේ තියෙන ලොකුම හීනය තමයි තමන් ගිය දුරට වඩා පියවරක් හරි ඉස්සරහට තමන්ගේ දරුවන් යනවා බලන එක..තමන්ගේ තාත්තගේ ඒ හීනයත් හැබෑ කරමින් ,එකිනෙකට වෙනස් අංශ ගණනාවකින් සමන්විත ව්‍යාපාර ජාලයක හිමිකරුවෙක් බවට පත් වුනු ඔහු සමන් උපසේන මහතායි.

මේ නම රත්නපුරය කේන්ද්‍ර කරගත් සබරගමුව පළාත තුළ බොහොම ජනප්‍රියයි . මොකද 4000 කටත් වඩා වැඩි සේවක පිරිසකට රැකියා ලබා දෙන්නත් ,ඔවුනට අවශ්‍ය සුව පහසු රැකියා ස්ථානයන් නිර්මාණය කරන්නත් උපසේන මහතාට හැකියාව ලැබුනා.

තේ කර්මාන්ත ශාලා අටක්,තරු පහේ සංචාරක හෝටලයක්,බලාගාර වැනි බලශක්ති අංශයේ වැදගත් භූමිකාවක් ඉටු කරනට මෙන්ම තවත් ව්‍යාපාර කිහිපයකම සාර්ථක හිම්කරුවෙක් වන්නට ඔහුට හැකිවුනේ ඔහු සතුව පැවති එකම රහසක් නිසා.

ඒ අන් හැමදේටම වඩා මානව සම්පතට ඔහු දුන් මුල් තැන නිසාවෙන්මයි.

“මේ ව්‍යාපාරය අපේ තාත්තා තමයි පටන් ගත්තේ.තාත්තගේ නමත් එක්කම තමයි KDU සමූහ ව්‍යාපාරය කියලා නම් වෙන්නේ.අම්මත් ඊට පස්සේ බිස්නස් වලට සම්බන්ධ වුනා ”

කුඩා කල සිටම ව්‍යාපාර පරිසරයක හැදුනු වැඩුනු ඔහු 25,000 කට අධික කුඩා තේ වතු හිමියන්ට දිවි සරු කර ගැනීම වෙනුවෙන් මග පෙන්වනු ලබනවා.

ලාභයට වඩා ගුණාත්මක බාවයට මුල් තැන දුන් නිසාවෙන්ම වසර 27ක් පුරාවටම දිවයිනේ වැඩිම තේ නිෂ්පාදනය කෙරෙන කර්මාන්ත ශාලාව බවට පත් වූයේද උපසේන මහතා සතු ගල්පඩිතැන්න තේ හම්හලයි.

“අපි නිතරම හිතුවේ කුඩා තේ වතු හිමියන්ගේ දියුණුව සහ පහසුව ගැන ”

තමාගේ රහස පිළිබඳව ඔහු තබන්නේ එවැනි සටහනක්.

තරු පහේ හෝටලයක් මෙන්ම උත්සව ශාලාවක්ද හිමි KDU ව්‍යාපාරය අසුන් දහසකින් සමන්විත නවීන තාක්ෂණයෙන් පිරිපුන් විවාහ ශාලාවත් නුදුරේදීම විවෘත කරන්නත් සූදානම්.

පසුගිය කාලය පුරාවටම බොහෝ ව්‍යාපාරිකයින්ට ඒ තරම් හොඳ කාලයක් නොවුනද ,සමන් උපසේන මහතාට නම් අභියෝග කියන්නේ ජීව්තයට වෙස් වළාගත් ආශිර්වාදයක්.සමහර විට මේ තරම් දුරක් එන්නත් ඔහුට හයියක් වුනේ වරින් වර ආව අභියෝග වෙන්නත් පුලුවන්.

ඒ හැම අවස්ථාවකම දෙමව්පියන් වගේම තනියට හිටපු සිය සහෝදරයා වන තුෂාන් උපසේන ,වැඩිමල් සොයුරු ගාමිණි උපසේන මහතා වගේම ආදරණීය බිරිඳ සහ දරුවන්වත් සිහි කරන්නේ බොහොම කෘතවේදිවයි.

” මිණිපුරට රිදී ඉරක් ” කියන්නේ ඔහුගේ තේමා පාඨය..එදා මෙදා තුර තමන්ගේ ජීව්තයටත් රිදී ඉරක් වුන පිරිස ගැන තවමත් ඔහු සිහි කරන්නේ ආඩම්බරයෙන්.

“මම බිස්නස් පටන් ගත්තේ 1987 දී .එදා ඉඳලා මට හයියට හිටියේ සෙලාන් බැංකුව.මං මේ වෙලාවේ ඒ ගැන කියන්නම ඕනේ.ඒ වගේම අපේ සේවකයෝ,කුඩා තේ වතු හිමියෝ වගේම පාරිභෝගිකයෝ ගැනත් මතක් කල යුතුයි ”

හීන තියෙන්නේ දකින්න නෙවෙයි,හැබෑ කරගන්න..සමන් උපසේන කියන්නේ ඒ කතාවට හොඳම උදාහරණය.