NEWS

2025 තෙක්ම පාර්ලිමේන්තුව විසුරුවන්නේ නැහැ

වත්මන් පාර්ලිමේන්තුව එහි සම්පූර්ණ වසර පහක කාලය සම්පූර්ණ වනතුරු විසුරුවා නොහරින බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමට සහතික වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය ජූලි 20 වැනිදා පාර්ලිමේන්තුවේදී නව ජනාධිපතිවරයා තෝරා ගැනීම වෙනුවෙන් පැවති ඡන්ද විමසීමට පෙර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පොදුජන පෙරමුණේ මන්ත්‍රි කණ්ඩායමේ සැලකිය යුතු පිරිසක් පෞද්ගලිකවම හමුවී මෙම සහතිකය ලබාදී ඇතැයි පැවසේ.