NEWS

රූපවාහිනී සභාපතිගේ ඉල්ලා අස්වීම භාර ගනී

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ සභාපති අසංග ජයසූරිය මහතාගේ ඉල්ලා අස්වීම භාර ගෙන නව සභාපති වරයෙක් පත් කිරීමට ජනමාධ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ව්‍යාපාර පරිපාලනය පිලිබඳ ගෞරව උපාධි ධාරියෙකු වූ ඒ මහතා වරලත් අලෙවිකරුවෙකු මෙන්ම එංගලන්තයේ වරලත් අලෙවි කරුවන් ගේ ආයතනයේ සාමාජිකයෙකුද වූ අතර ව්‍යාපාර පරිපාලනය පිලිබඳ පශ්චාත් උපාධි දරයෙකු ද වෙනවා.

ඔහු මාධ්‍ය කළමනාකරණ ක්ෂේත්‍රයට කල විශිෂ්ට සේවය වෙනුවෙන් ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ප්‍රදීප ප්‍රණාම සම්මානයට ද හිමිකම් ලබා තිබෙනවා.

2001 වර්ෂයේදී එවකට පාඩු ලබමින් සිටි ජාතික රූපවාහිනීයට අලෙවි අංශ ප්‍රධානියා ලෙස බැදී වසරක් ඇතුලත රූපවාහිනිය ලාභදායි තත්වයට ගෙන ආ අතර වාර්ෂිකව රුපියල් බිලියනයකට වඩා ආදායම් ඉපයූ ප්‍රථම රුපවාහිනීය බවට පත් කිරීමට ද ඔහුට හැකි වුනා.

එමෙන්ම සභාපතිවරයා ලෙස කටයුතු කල කාලයේදී එම තනතුරට හිමි වැටුප සහ කිසිඳු දීමනාවක් ලබා නොගත් අතර නිල වාහනය පවා ප්‍රතික්ෂේප කරනු ලැබුවා.