මර්වින් සිල්වාවත් සිහිවුන තලෙයිබාන් පන්නයේ රූපවාහිනි කඩා වැදීම ගැන අපූරු සටහනක්

ඊයේ හදිසියේම ජාතික රූපවාහිනියට කඩා වැදුනු අරගලකරුන් පිළිබඳව මේ වන විට බොහෝ දෙනා කතා කරන්නට පටන් ගෙන තිබෙනවා.

ඒ පිළිබඳව මාධ්‍යවේදී හෙරල් සේනාධීර විසින් අපූරු සටහනක් පලකොට තිබුනා.

එම සටහන පහතින්.

මර්වින් සිල්වා පන්නයේ තලේබාන් කඩාපැනීම් නවතනු.
—————————————–

ඊයේ ජාතික රූපවාහිනියට පැනපු තලේබාන් පන්නයේ ඊනියා අරගලකාරයෝ දැක්කම මට මතක් උනේ News එකක් සම්බන්ධව Slrc එකට තග දාන්න පැනලා හොදටම ගුටිකාපු මර්වින් සිල්වා. ඊයේ හොදවෙලාවට Slrc එකේ කාර්යමන්ඩල ආරක්ෂක අංශ ගැ⁣ටුමකට නොගිහින් බුද්ධිමත්ව නිහඩතාවය ආරක්ෂා කලා. නමුත් කිසිවෙක් ඒ අනීතික මැදිහත්වීම අනුමත කරන්නේ නෑ.

එදා මදාවි ඇමති මර්වින් සිල්වා SLRC එකට පැනනේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙ සහ රාජපන්ෂ පවුලේ බලපුළුවන්කාර කමේ හයියෙන්, නමුත් එදා ඒවා සතපහකට මායිම්නොකර නොතකා
SLRC , SLBC , ආයතන සිදුකල ඒකාබද්ධ ගුටි පූජාවකින් මර්වින් නැවත එහෙම තග නොදමන්නම මට්ටු උනා.
අරගලයට සම්බන්ධ යැයි තගදාගෙන රැවුල් වවාගෙන තලේබාන්ලා වගේ පැන්න ජඩ සෙට් එක අරගලය කියාගෙන සාමකාමී අරගලය ඇදගෙන යන්නෙ වනචාරී යුගයකටනම් රටේ සාමයට මානව නිදහසට යුක්තියට ලැදි බහුතරය ඉදිරියේදී එදා මර්වින් මැරයාට ඉගැන්වුවා වගේ පාඩමක් නියත වශයෙන්ම ඉදිරියේදී උගන්වාවි.

එහෙම අනීතිකව හැම තැනටම කඩාපනින්න
අපි කියන විදියට තමයි වැඩ වෙන්න ඕනේ’ කියන හිට්ලර් පන්නයේ, පසුගාමී තලේබාන් පන්නයේ වැඩවලට සාතිශය බහුතරය එකගවෙන්නේ නෑ.මිනිස්සු ඉල්ලන්නේ එහෙම වෙනසක් නෙවෙයි. අරගලකරුවන් රූපවාහිනියට පැමිණ අපක්ෂපාතී, නිවරදි, සමබර, මහජන සේවා මාධ්‍ය භාවිතයක් ඉල්ලා සිටීම වෙනුවට සිදුකලේ තමන්ගේ හඬ පමණක් ප්‍රචාරය කරන ලෙස නියෝගකිරීමයි. එමගින් ඔවුන්ගේ ජීවත් වෙන්නේ කවර පසුගාමී මානසික පසුබිමකදැයි රටටම පෙන්නුම් කලා.

රාජපක්ෂ චෞර පවුල් පාලනය රටේ ඇතිකරපු පසුගාමී අනීතික පාලනයට එරෙහිව පිරිපුන් නුතන මානව සමාජයක් වෙනුවෙන් කැපකිරීම් කරන අරගල කරන පිරිසට නැවත හිතන්න වෙන අවිචාරවත් අකටයුත්තක් තමයි ඊයේ. Slrc
එකට පැන්න කන්ඩායම කලේ. ඒක කිසිසේත්ම අනුමත කරන්න අපිට බෑ.
අනික රටේ ව්‍යවස්ථාව පාලක කන්ඩායම් දිගින් දිගටම අවභාවිත කලා සංසෝදන කියන පැච් දමාගෙන. ඊට එරෙහිව රටේ පිලිකුලක් තියන කාරනාව ඇත්ත. එහෙම කියලා අපිට කියන්න බෑ මේ ඔක්කොම විනාශ කරලා අපි කියන විදියට අරගලයට ඕනේ විදියට තමයි වෙන්න ඕනේ කියලා.

අපි කියන එක මොකක්ද?
අපි කියන ඒක කොහොම එකක්ද?
අපි කියන එකේ සාධනීය ලක්ෂන මොනවාද ?
අපි කියන එකේ අඩුපාඩු මොනවද?
කියලා රටේ සංවාදයක් ඇතිවෙන්න ඕනේ. ඒකට තමයි මාධ්‍යයේ ඉඩ වෙන් වෙන්න ඕනේ.එහෙම නැතුව මෙතැන් පටන් තමන්ගේ මතයට තමයි රටේ වැඩ වෙන්න ඕනේ කියන එක රාජපක්ෂ පවුල් පාලනයට වඩා චොරයි.

කොහොම නමුත් මේ තක්කඩි ජඩ අනීතික අකටයුතු වලට පටු දේශපාලන අරමුණු සහ සම්බන්ධතා පැහැදිලිව තියනවා. රටේ පාලකයන් නායකයන් කියන තක්කඩි තවමත් රටට මොන හෙනේ ගැහුවත් තම තමන්ගේ පුද්ගලික වාසිය පැවත්ම පමනයි බලන්නේ.රට විනාශකල ගෝඨාභය ජනාධිපතිගෙ ඉල්ලා අස්වීමේ ලිපියේ නාඩගමෙන් වැඩිදුර පෙන්වන්නෙත් ඒක.

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ දියවන්නාවේ 225ම හොද නැතියි කිව්වත් ඒ 225 අතේ තමයි ව්‍යවසුථානුකූලව තාවකාලික රටට ලෝකයට පිලිගන්න පුළුවන් විසදුමක් දෙන වගකීම මේ වෙලාවේ තියෙන්නෙ.
තාවකාලික සර්ව පාක්ෂික ආණ්ඩුවක් කෙටිකාලීන විසදුම, රටට පිලිගන්න පුළුවන් විසදුමක් දෙන්න 225. ඒකාබද්ධ තාවයක් ඇතිකරගන්න පැකිලීමෙන් රට ගමන් කරමින් තිබෙන්නේ තවත් පසුගාමී විනාශකාරී තැනකට.
225 ම එපා තිත්තයි කියන අයට තමන් කැමති 225 ක් තෝරාගන්න තියෙන්නෙ කඩිනමින් පවත්වන මහාමැතිවරණයකදී තමයි.

හෙරල් සේනාධීර