ජය ශ්‍රී යන්නේ රුවිතෙට ද ? – ඇත්ත බලන්න සිකුරාදාට සෙට් වෙන්න

ලෝකේ ව‍ටේ ගිහිල්ලා ලංකාවේ ප්‍රේක්ෂකයින්ට අලුත් නිර්මාණ ගෙන එන ජය ශ්‍රී අයියා මලෝ ගැන නොදන්න කෙනෙක් නැහැ. මේ දෙන්නා අලුත්ම වැඩකට සූදානම් වෙන බව පහුගිය දවස්වල සමාජ මාධ්‍ය වල පැතිරුණා. ජය ශ්‍රී ලා මේ කරන්න යන වැඩේ ගැන විවිධ කතාබහ නැගුණා. සමහරු කිව්වා මේක ජය ශ්‍රී ලා කියන මේ රුවිතේ කියන්නේ, අලුත් රෙස්ටොරන්ට් එකක් ද නැත්නම්, දියමන්ති බිස්නස් එකක් ද කියලා. කොහොම වුණත් මේ එක එක කතා මැද්දේ ෆේස්බුක් ලයිව් ඇවිත් ඒ ගැන පැහැදිලි කිරීමක් කරපු ජය ශ්‍රී ලා කිව්වේ ‍ඇත්තටම මේක එයාලගේ අලුත්ම සිංදුව කියලයි.

ඒ ගැන වැඩිදුරටත් පැහැදිලි කරපු රෝහිත කියන්නේ මේ වගේ කතාවක්, 

‘ලංකාවේ ඉන්න හොඳම ටැලන්ට් සෙට් එකක් කරපු වැඩක්. ඒ වගේම ලංකාවේ දියමන්ති වගේ තියෙන ලස්සනම, තැන්වල තමයි අරන් තියෙන්නේ. ඕගොල්ලන්ට බලන්න පුලුවන්.

ඉතිං. දක්ෂයෝ ටිකක් එකතුවෙලා කරපු ලස්සන සිංදුවක්. අපි හිතනවා ඕගොල්ලෝ සියලුම දෙනා ගොඩක් ආදරෙන්, අපේ අනික් සිංදු වගේ මේක වැළඳගනියි කියලා’ යන්නයි. 

ඉතිං, ජය ශ්‍රී ලගේ මේ අලුත්ම සිංදුව එළඹෙන සිකුරාදා හවස 5 ට ජය ශ්‍රී යූ ටියුබ් නාලික‍ාවෙන් දැකගන්නට හැකිවෙනවා. ඒ ගැන වැඩිදුරටත් පැහැදිලි කිරීමක් කරන රෝහිත කියන්නේ, 

‘රුවිතේ. මතුවෙන්න. මතුවෙන්න කියන්නේ, ඕගොල්ලන්ගේ ටැලන්ට්ස් තියෙනවා නම්, ඒ ටැලන්ට්ස් ඔපදාගෙන, මතුවෙන්න කියන එක තමයි මේ කියන්නේ’ යන්නයි. 

ජය ශ්‍රී ලා කියන මේ රුවිතේ මොකක්ද කියලා දැකබලාගන්න අමතක කරන්න එපා. 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button