උමතු ආරක්ෂකයාගේ අමුතු ආසාව කම්මුතු වෙයි

නිවසකට ඇතුළු වී එහි නාන කාමරයේ සිටි කාන්තාවක ජංගම දුරකථනයෙන් වීඩීයෝගත කළ ඇමැති ආරක්ෂක කො⁣ට්ඨාසයේ සැරයන්වරයෙකු අම්පාර පොලීසිය මගින් සැක පිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර පොලිස් සැරයන්වරයා හිටපු මන්ත්‍රිනියකගේ නිවසේ ආරක්ෂාවට යොදවා සිටි ⁣අයෙකු බවයි වාර්තා වන්නේ.

රාජකාරි කරන අතරතුර සැරයන්වරයා විසින් යාබද ඉඩමකට ඇතුළු වී නාන කාමරයේ සිටි කාන්තාවක වීඩියෝ ගත කර ඇති අතර ඒ පිළිබඳව අදාළ කාන්තාව විසින් පොලීසියට කළ පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇතැයි සඳහන්.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button