STV සරුංගල් සැණකෙළිය අගෝස්තු 12 මීගමුව Browns Beach හිදී

එලබෙන සරුංගල් මාසය වෙනුවෙන් විශේෂ සරුංගල් සැණකෙළියක් සංවිධානය කිරීමට STV මාධ්‍ය ජාලය සැලසුම් කර තිබෙනවා.

වසරේ ආකර්ෂණීයම සරුංගල් ප්‍රදර්ශන සැණකෙළිය ලෙස හැදින්වෙන මෙම සැණකෙළියේ මෙවර ප්‍රධාන තේමාව
” මුළු අහසම පාට කරමු” යන්නයි.

ඒ අනුව විවිධ වයස් කාන්ඩයන් යටතේ එකිනෙකට වෙනස් තේමාවල් නිරූපණය වන පරිදි නිර්මාණය කරන ලද සරුංගල් මෙම සැණකෙළියේ දී ප්‍රදර්ශනය කෙරෙනවා.

යෞවනයේ වින්දනීය නාලිකාව ලෙස සුවහසක් සයිබර් ටෙලිවිශන් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනූ STV නාලිකාව විසින් තිලිණ කරන මේ ආකර්ෂණීය සරුංගල් අත්දැකීම DJ සංගීතයෙන් රසවත් වන අතර , රංගන ශිල්පීන් ගායක ගායිකාවන් සහ තවත් ඔබ ආදරය කරන පිරිසකගේ සහභාගිත්වයෙන් හැඩ ගැන්වීමට නියමිතයි.

අගෝස්තු මස දොළොස් වන සෙනසුරාදා සවස දෙකේ සිට රාත්‍රි දොළහ වන තුරු මෙම සරුංගල් සැණකෙළිය මීගමුව browns beach වෙරළ තීරයේදී පැවැත්වෙන අතර මෙම සරුංගල් සැණකෙළියට සමගාමීව සරුංගල් රසිකයන් වෙනුවෙන් විශේෂ තරග අංශ රැසක් ද පැවැත්වෙනවා.

එදින දවස පුරා විවිධ විනෝද ක්‍රීඩා සහ වෙළෙඳ කුටිවල අත්දැකීමක්ද මීගමුව වෙරළ තීරයට පැමිණෙන ඕනෑම කෙනෙකුට විදිය හැකියි.

එම වෙළෙඳ කුටි පිළිබඳව හෝ සරුංගල් තරගය පිළිබඳව තොරතුරු දැන ගැනීමට සදහා විශේෂ දුරකථන අංකද විවෘත කර තිබෙනවා.
(77) 786 7447, (77) 003 6052, (77) 341 8125, (74) 126 9946 මෙම දුරකථන ඇමතුම් හෝ වට්ස්ඇප් හරහා ඒ පිළිබඳව තොරතුරු ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

ලබන අගෝස්තු මස 12 වන සෙනසුරාදා මීගමුව වෙරළ තීරයට තිරයට පැමිණීමට ඔබටත් හැකි නම්, මේ වසරේ ඔබට ආකර්ෂණීයම සරුංගල් ප්‍රදර්ශන අත්දැකීම ඔබටත් විඳගන්න හැකියි.

මෙම සරුංගල් සැණකෙළිය සඳහා STV නාලිකාව සහ stv මාධ්‍ය ජාලය සමඟ Beauty Tv නාලිකාව සහ Siyatha FM නාලිකාව මාධ්‍ය අනුග්‍රාහක දායකත්වය ලබා දෙනවා.

මෙහි ඉසව් කලමනාකරනය සහ මෙහෙයවීම dreamworks creations වෙතිනි ..

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button