දේශපාලඥයින්ට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කියා දුන් පාඩම : මන්ත්‍රී ඩලස් ගේ ඇසින්

දුෂ්කරයි කියා කිසිවක් අත්හල යුතු නැති බවත් ප්‍රතිවාදියා ශක්තිමත් වූ පමණින් ඔහුට බිය විය යුතු නැතැයි ක්‍රිකට් නායක දසුන් ශානකගෙන් ඉගෙනගන්න පාඩම්, රාජ්‍ය නායකයා විධියට ජනාධිපතිවරයාට තිබෙන බව පාර්ලිමෙන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කර සිටිනවා.

මන්ත්‍රීවරයා සඳහන් කළේ චරිත් අසලංකගෙන් හෝ චාමික කරුණාරත්නගෙන් ඉගෙනගතයුතු පාඩම් අගමැතිවරයාට තිබෙන බවත් තවමත් පාසැල් ශිෂ්‍යයකු වන දුනිත් වෙල්ලාලගේ‌ ගෙන් ඉගෙන ගන්න පාර්ලිමේන්තුවේ 225 ටම පාඩමක් තිබෙන බවයි ඔහු කියා සිටියේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ කථානායකතුමාටත් තෙවැනි විනිසුරුවරුගෙන් ඉගෙන ගන්න බොහෝ දේ තිබෙන බවයි.

නායකයන් මේවා ඉගෙන නොගත්තොත් Runout හෝ Hit wicket වෙන එක වලක්වන්න බැරි බව අප හැම දෙනාම තේරුම්ගත යුතු බවයි මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කියා සිටියේ.

වත්මන් දේශපාලන අර්බුධය සම්බන්ධයෙන් මාතර, නුපේ ප්‍රදේශයේ දී ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර සිටීයා.