ලංකාව තාම කන්නේ බැසිල් ඉන්දියාවෙන් ගෙනාපු ඩොලර් බිලියන පහෙන්ලු

අදටත් ශ්‍රී ලංකාව වියදම් කරන්නේ බැසිල් රාජපක්ෂ ඉන්දියාවට ගොස් ගෙන එන ලද ඩොලර් බිලියන පහක මුදල බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය රංජිත් බණ්ඩාර පවසනවා.
සියලු ප්‍රශ්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසඳනු ඇතැයි බොහෝ දෙනෙක් සිතුවද, අප අද සිටින්නේ විශාල අභියෝගයක් ඉදිරියේ යැයි පැවසූ මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ, රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කරන ලද්දේ කුමන්ත්‍රණකරුවන්ගෙන් රාජ්‍ය බේරා ගැනීමට පමණක් බවත් ඉන් එපිටට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනාධිපතිවරයා අතර කිසිදු ගිවිසුමක් නැති බවයි.