SPORTS

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබලයින් දෙදෙනෙකුට කොරෝනා

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මාට සහ විරාත් කෝලිට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

එංගලන්තය සමඟ පැවැත්වීමට නියමිත තුන්වන ටෙස්ට් තරගය ලබන මස 1 වනදා ආරම්භවීමට නියමිතව ඇති අතර, ඊට නායකත්වය ලබාදීමට සූදානමින් සිටියදී සිදුකළ පරීක්ෂණයක දී රෝහිත් ෂර්මාට කොරෝනා ආසාදනය වී ඇති බවට අනාවරණ වූ බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

එමෙන්ම විරාත් කෝලිට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත්තේ ඔහු ටෙස්ට් තරගය සඳහා ලන්ඩනයට පැමිණීමෙන් පසුවයි.

ජුලි 1 සිට 15 දක්වා බර්මින්හැම්හිදී එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගය සඳහා මේ වනවිට යම්තාක් දුරකට ඉන්දීය ක්‍රීඩා කටයුතු අඩාල වී ඇත්තේ ඉන්දීය ක්‍රීඩකයින් කිහිපදෙනෙකු කොවිඩ් වෛරසයට ගොදුරු වීම හේතුවෙන්.

මේ අතර පසුගියදා දඟ පන්දු යවන ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින්ට ද වෛරසය ආසාදිත බව දැනගැනීමෙන් අනතුරුව ඔහු එංගලන්ත තරග සංචාරයට පැමිණීම ප්‍රතික්ෂේප කර තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

මෙම තරගාවලියේ දෙකට එකක් ලෙස ඉන්දියාව ඉදිරියෙන් පසුවනවා.