ජයන්ත ධර්මදාස, ශලනිව අරන් ගියේ ක්‍රිකට් උගන්වන්නද?

පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැති පන්දු වාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය නැරඹීම සඳහා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ජයන්ත ධර්මදාස විසින් ක්‍රිකට් ආයතනයේ වියදමින් ජනප්‍රිය නිළි ශලනි තාරකා සහභාගී කරවාගෙන ඇත්තේ ඇයට ක්‍රිකට් උගන්වන්නට දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ප්‍රශ්න කරනවා.

ඒ, 2022 වසරේ පැවැති පන්දුවාර 20/20 ක්‍රිකට් තරඟාවලිය සඳහා ක්‍රිකට් ආයතනයේ වියදම් සම්බන්ධ විගණකාධිපති කෙටුම්පත් වාර්තාවේ කරුණු අනාවරණය කරමින් අද මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

මේ අතර, මෙම තරඟාවලිය නැරඹීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මට්ටමින් සහභාගී වූ අමුත්තන් 22 ක් අතරින් සිඩ්නි හි සුඛෝපභෝගී හෝටල් කාමරයක් සඳහා ප්‍රකට නිළි ශලනි තාරකා සහ එහි උප සභාපති ජයන්ත ධර්මදාස නමට ලක්ෂ 37 ක බිලක් ගෙවා ඇතැයි සමාජ මාධ්‍ය වාර්තා සඳහන් කර තිබුණා.

එම ක්‍රිකට් තරඟ නැරඹීම සඳහා ඔස්ට්‍රේලියාවට ගිය ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ඇතුළු ක්‍රිකට් ආයතන නිළධාරීන් ඒ සඳහා රුපියල් කෝටි හය හමාරක් පමණ වැය කර ඇති බවයි සමාජ මාධ්‍ය වාර්තා වල වැඩි දුරටත් සඳහන් වන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button