නන්දලාල් ගෙදර යවා ජෝන්ගේ බෑණාට මහ බැංකු අධිපතිකම බාර දෙන්න රනිල් සැරසෙයි ?

හිටපු අමාත්‍ය ජෝන් අමරතුංගගේ බෑණා වන දිනේෂ් වීරක්කොඩි මහ බැංකු අධිපති ලෙස පත්කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙනවා.

වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාගේ ධූර කාලය ලබන මස අවසන් වීමට නියමිත අතර ඔහුගේ කාලය දීර්ඝ නොකොට ඒ වෙනුවට තමාට හිතවත් පුද්ගලයෙකු  මෙලෙස පත් කිරීමටයි අගමැතිවරයා සැලසුම් කර ඇත්තේ.

දිනේෂ් වීරක්කොඩි මීට පෙර ලංකා දුම්කොළ සමාගමෙහි අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කළ අතර ඔහු රනිල් වික්‍රමසිංහ මහතාගේ අතිශය සමිප හිතවතෙකු ලෙසටයි සැලකෙන්නේ.

මීට පෙර 2015 වසරේ ජනවාරි මාසයේ  සහ 2016 වසරේ ජුනි මාසයේදී ද ඔහුව මෙම තනතුරට පත් කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා එවකට අගමැතිව සිටියදීද උනන්දු වූ බව එකල මාධ්‍ය වාර්තා කර සිටියා.

කෙසේ වෙතත් නන්දලාල් වීරසිංහ මහතා ගෙවුණු කෙටි කාලය තුළදී ගත් ඇතැම් තීරණ බොහෝ දෙනාගේ පැසසුමටද ලක් වූ අතර පෙර පරිදි තමාගේ හිතවතුන් රටේ වගකිවයුතු නතුරකට මෙලෙස පත් කිරීමට අගමැතිවරයා ක්‍රියා කිරීම කිසි ලෙසකින්වත් අනුමත කල නොහැකි බවයි බොහෝ දෙනා පවසන්නේ.