NEWSSPORTS

30 වසරකට පසුව අලුත් වූ වාර්තාව සමග සිංහයින් යළි නැගිටියි

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ ජය 3-1ක් ලෙස හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ අවසන් පන්දුව තෙක් පැවති තියුණු සටනකින් අනතුරුවයි.

මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල පන්දුවාර 49කදී සියලුදෙනා දැවී ලකුණු 258ක් රැස්කර ගැනීමට සමත් විය. එහිදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ චරිත් අසලංක අද සිය මංගල එක්දින ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

චරිත් අසලංක ගේ එම ශතකයට දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 10ක් ද ඇතුළත්. චරිත් අසලංකට අමතරව ධනංජය සිල්වා අද ලකුණු 60ක් ලබාගත්තේය.

ඒ අනුව මෙම තරගය ජය ගැනීම සදහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 259 ක් රැස්කර ගත යුතුව තිබුණා. නමුත් ඕස්ට්‍රේලියානු පිලට නියමිත පන්දුවාර 50 තුළ සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 254 ක් පමණි.

ඒ අනුව ශ්‍රී ලංකා පිලට සිව්වන තරගයේ ජය හිමිවිය.

ඕස්ට්‍රේලියානු පිල වෙනුවෙන් ඩේවිඩ් වෝනර් ලකුණු 99ක් රැස්කර ගත් අතර පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් චාමික කරුණාරත්න, ධනංජය සිල්වා සහ ජෙෆ්රි වැන්ඩර්සි කඩුළු 02ක බැගින් දවා ගැනීමට සමත් විය.

තරගයේ වීරයා සම්මානය පිත්තෙන් දස්කම් දක්වමින් ලකුණු 110ක් රැස්කර ගත් චරිත් අසංලකට පිරිනැමුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාව සමග පැවැති එක්දින තරගාවලියක් මෙලෙස ජය ගනු ලැබුවේ වසර 30කට පසුවයි

ශ්‍රී ලංකා පිල අවසන් වරට ඕස්ට්‍රේලියානු කණ්ඩායම මව් බිමේදී පරාජයට පත් කරමින් තරගාවලියක් ජය ගනු ලබුවේ 1992 වසරේදි යි. එම තරගාවලිය ශ්‍රී ලංකා පිල ජය ගැනු ලැබුවේ තරග 2-1ක් ලෙසින්. එවකට ශ්‍රී ලංකා පිලේ නායකත්වය දරනු ලැබුවේ අර්ජුන රණතුංග විසිනි.