NEWS

තෙල් ණයට දෙන්න ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් ඇපකරයක් ඉල්ලයි

තවදුරටත් ශ්‍රී ලංකාවට ණය පහසුකම් මත ඉන්ධන ලබාදීමට නම් ඒ සඳහා පිළිගත හැකි ඇපකරයක් ඉල්ලීමට ඉන්දියාවේ එක්සිම් බැංකුව පියවර ගනිමින් සිටින බවට වාර්තා වනවා.

මේ වනවිටත් ඉන්දීය රජයේ මැදිහත්වීම මත ඇමරිකානු ඩොලර් මිලියන 700 ක් වටිනා ඉන්ධන ප්‍රමාණයක් ඉකුත් කාලයේදී මෙරටට ලබාදී තිබිණි. එම ණය යටතේ මෙරටට ලැබෙන මෙටි්‍රක් ටොන් හතළිස් දහසක් අඩංගු අවසන් ඩීසල් නෞකාව අද (16) කොළඹ වරායට ළඟාවීමට නියමිතය.

මේ අතර තවත් ඩොලර් මිලියන 500 ක ඉන්ධන ණය මුදලක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව ඉන්දියාව සමග සාකච්ඡා කර තිබෙන අතර මේ මොහොතේ රටේ ආර්ථික අර්බුදය හා ආර්ථික බංකොලොත්භාවය හමුවේ යම් කිසි ඇපයක් මත හෝ එය ලබාගැනීමට අවධානය යොමු වී ඇතැයි වාර්තා වන්නේ.

එලෙස තවත් රුපියල් මිලියන 500 ක ණය පහසුකමක් ලබාගනු ලැබුවහොත් ඉන්දියාවෙන් මෙරටට ලැබුණ ‘ක්‍රෙඩිට් ලයින්’ මුදල ඩොලර් මිලියන 1200 ක් බවට පත්වේ.