රටක් කම්පා කළ ඝාතනයේ සැකකරු අල්ලයි

අඟුරුවාතොට ප්‍රදේශයේ තරුණ මවක සහ දියණියක ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු අද උදෑසන අඟුරුවාතොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු, ඝාතනයට ලක් වූ කාන්තාවගේ සැමියාගේ ළඟම ඥාතියෙකු බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට පත් වන අවස්ථාවේ සැකකරු විසින් පොලිස් ස්ථානාධිපතිවරයාට තමා අත වූ උල් ආයුධයකින් ඇනීමට උත්සාහ කර තිබෙනවා. එය අසාර්ථක වීම හේතුවෙන් ඔහු උල් ආයුධයෙන් තමන්ගේ පපුවට කිහිප වරක් ඇනගෙන ඇති බවයි පැවසෙන්නේ.
සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.