NEWS

ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් සහල් ඉල්ලයි

ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ආහාර ද්‍රව්‍ය ලබාගැනීමේ අරමුණින් වෙළෙඳ වාණිජ හා සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු සහ බංග්ලාදේශ මහ කොමසාරිස් තරික් අරිෆුල් ඉස්ලාම් අතර සාකච්ඡාවක් අද (13) එම අමාත්‍යංශයේදී පවත්වා තිබේ.

මෙම සාකච්ඡාවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවට ඉදිරි පරිභෝජනය සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණ ලබා දීමට කටයුතු කරන මෙන් බංග්ලාදේශ මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් සිදුකර ඇත.

මෙහිදී බංග්ලාදේශ මහා කොමසාරිස්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ දේශීය ආයෝජකයන්ට බංගලාදේශය තුළ ආයෝජනය කිරීමට අවස්ථාවන් පවතින බවයි.