NEWS

අහෝ දුකක් – මිනිස්සු ජිවත් වෙන්නේ කෙසේ ද?

ජනතාව බඩගින්න නිවා ගන්නට ආහාරයට ගන්නා සුඛෝපභෝගී නොවන සාමාන්‍ය එළවළු මාළු සහ කරවල ආදියේ මිල අදහා ගන්නට බැරි තරමට වැඩි වී තිබෙන අයුරු වාර්තා වනවා.

සුපිරි වෙළෙඳ සැල්වල මෙන්ම සාමාන්‍ය වෙළඳපොලේ ද බඩු මිලේ විශාල පරතරයක් දකින්නට නොලැබෙන බවයි වාර්තා වන්නේ.

මීට මාස කිහිපයකට පෙර රුපියල් 100 නොඉක්ම වූ ඇතැම් එළවළු කිලෝවක මිල මේ වන විට රුපියල් 1000 ට ආසන්න වෙමින් ඇති බව සඳහන්.

වෙළඳපොලේ ආද දිනයේදී එළවළු කිහිපයක කිලෝවක මිල ගණන් මෙසේ දක්නට ලැබෙනවා.

මාළු මිරිස් 890,තක්කාලි 890,කැරට් 500,බීට් රූට් 600,දෙහි 950,අමු මිරිස් 900,ලීක්ස් 320,තුඹ කරවිල 1380,පතෝල 480,වැටකොලු 550,කැරට් 890,දඹුල 660,මෑ කරල් 460,ලොකු ලූනු 290,රතු ලූනු 960,සුදු ලූනු 840,අර්තාපල් 390 වශයෙනි.

සුපිරි වෙළෙඳ සැල්වල බොහෝ එළවළු රාක්ක හිස් වී පවතින අයුරුද දැකගත හැකි වන්නේ.

සුපිරි වෙළෙඳ සැල්වල රුපියල් 250කට පමණ අලෙවි වූ බිත්තර දහයක අසුරනය මේ වන විට රුපියල් 515ක් දක්වා ඉහළ ගොස් ඇත.

මාළු මිල ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර මාළු වර්ග කිලෝවක මිල මෙසේ සටහන් විය.

ලින්නා 1380,ලේන පරවි 1440,දැල්ලා 2130,කාරල්ලා 900,අලගොඩුවා 1230,ඉස්සා 1690ක් වශයෙනි.

මේ අතර සාමාන්‍ය වෙළඳපොලේ කරවල මිල ගනන් සඳහන් වුයේ මේ අයුරින් :

හාල්මැස්සන් 3000,බලයා 2400,කට්ටා,3400,තලපත් 3600,කීරමින් 3000,කූනිස්සන් 2000 වශයෙන්.