NEWS

CEB සභාපති ආතතියෙන් : කෝප් කමිටුවේදී සිදුකළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගනියි

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු ‘කොප්’ කමිටුවේ සභාපතිවරයාට ලිපියක් යොමු කරමින් ඔහු එම කමිටුවේදී පසුගියදා කළ ප්‍රකාශකයකදී කළ ‘ඉන්දීය අගමැති’ යන වචනය ඉල්ලා අස්කරගන්නා බවත් එම අවස්ථාවේදී පැවැති පීඩනය හමුවේ එම වචනය ප්‍රකාශ කළ බවත් සඳහන් කර තිබේ.

එහිදී ඔහු කොන්දේසි විරහිතව සමාව ඉල්ලා තිබේ.‘කෝප්’ කමිටුව හමුවේ විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා මෙසේ පවසා තිබුණා.

“ජනාධිපතිතුමා පසුගිය වසරේ නොවැම්බර් 27 වැනිදා වගේ මාව ගෙන්වලා කිව්වා මේ අදානි සමාගමට දෙන්න මේක. ඉන්දීය අගමැති යෝදි මට බලකරනවා මේක දෙන් කියලා කියනවා කියලා. පස්සේ මම ඒ වෙලාවේ කිව්වා. මේක මටත් විදුලිබල මණ්ඩලයටත් අයිති ප්‍රශ්නයක් නොවයි , අයෝජන මණ්ඩලයට අයිති ප්‍රශ්නයක් කියලා.

ඒ හින්දා මම පියුමක් ලියලා දැම්මා. මට මෙහෙම ජනාධිපතිතුමා නියෝග දෙනවා. කියලා. මුදල් අමාත්‍යංශ ලේකම් කිව්වා මේක ඔහෙන් කරගන්න. මේක විදුලිබල මණ්ඩලයට අයත් ප්‍රශ්නයක් නොවෙයි කියලා”

මේ අතර කෝප් කමිටුව හමුවේ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම් එම් සී ෆර්ඩිනෑන්ඩු සිදුකළ ප්‍රකාශය තමන් මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය නිශ්චිත පුද්ගලයෙකුට හෝ ආයතනයකට පිරිනැමීමේ දී අධිකාරීමය බලය භාවිත කළ බවට කළ ප්‍රකාශය තමා එලෙස ප්‍රතික්ෂේප කරන බවයි ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ.