NEWS

කෝටි ගානක් වටිනා ඇපල් තොගයක් දෙහිවල සත්තු වත්තට

කොළඹ වරාය වෙත චීනයෙන් ගෙන්වා තිබූ ඇපල් කන්ටේනරයක් දෙහිවල සත්වෝද්‍යානය වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.

එම ඇපල් කන්ටේනරය මෙරටට ගෙන්වා ඇත්තේ, පසුගිය පෙබරවාරි මාසයේදී.

එම ඇපල් තොගය නිදහස් කර ගැනීමට ආනයනකරුවන් පියවර නොගැනීම හේතුවෙන් ඒවා භාවිතයට ගත නොහැකි තත්ත්වයකට පත් වීමට පෙර සතුන්ට ලබා දීම සඳහා මෙම පියවර ගෙන ඇත.

මෙහි ඇපල් කිලෝග්‍රෑම් 24,000ක් පැවති අතර එහි දළ වටිනාකම රුපියල් කෝටි 2කට ආසන්න වන බව වරාය අධිකාරිය පවසයි.