NEWS

බැසිල් ඉල්ලා අස්වෙයි – අලුත් මුහුණක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට එයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බව වාර්තා වනවා. ඔහු සමඟ ආණ්ඩුවට සම්බන්ධ ද්විත්ව පුරවැසිභාවය හිමි තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ද ඉල්ලා අස්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට සහය ලබාදීමෙන් පසු ඔවුන් එම තීරණය ගැනීමට සූදානමින් සිටින බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණ කළේ.

කෙසේවෙතත් මන්ත්‍රී ධූරයෙන් ඉවත් වුවද හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිය දේශපාලන කටයුතු අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඔහුගේ ඉවත්වීමෙන් පසු ජාතික ලැයිස්තුවෙන් මෙරට ප්‍රබල ව්‍යාපාරිකයෙකු පාර්ලිමේන්තුවට පිවිසීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.