NEWS

අගමැති රනිල්ගේ කතාවට මහේල දුන්නු පිළිතුර

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ පාර්ලිමේන්තුවේදී ලෝක ක්‍රිකට් ඉතිහාසයේ සිටි ශ්‍රේෂ්ඨතම පිතිකරුවෙකු වන ඩබ්ලිව්. ජී ග්‍රේස් උපුටා පාර්ලිමේන්තුවේදී සිදු කළ කතාවට මෙරටින් බිහි වූ විශිෂ්ටතම පිතිකරුවකු වන මහේල ජයවර්ධන සිය ට්විටර් ගිණුම් ඔස්සේ දැඩි පිළිතුරක් ලබාදී තිබෙනවා.

ඊයේ දිනයේ දී අග්‍ර්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ මෙම ශ්‍රේෂ්ඨ පිතිකරුවා එක්තරා තරගයකදී පළමු පන්දුවේදී ම දැවී ගිය පසු ඔහු නැවත කඩුල්ල සවිකර පන්දුවට පහර දීමට සූදානම් වූ බවයි.

එහි දී තරගයේ විනිසුරුවරයා ඔහු දැවී ගිය ක්‍රීඩකයෙකු ලෙස නම් කළ නිසා පිටියෙන් ඉවත් වන ලෙස දැනුම් දී තිබෙනවා.

මෙහිදී විනිසුරුවරයාට පිළිතුරු දුන් ඩබ්ලිව්. ජී ග්‍රේස් පවසා ඇත්තේ මෙතනට පැමිණ සිටින මේ දහස් සංඛ්‍යාත පිරිස බලාපොරොත්තු වන්නේ මා පන්දුවට පහර පහර දෙනවා බලන්නට මිස ඔබගේ මෝඩ තීරණය බලන්නට නොවන බවයි.

මෙයට පිළිතුරු සපයන මහේල ජයවර්ධන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ට පවසන්නේ ඔබ ඩබ්ලිව්. ජී ග්‍රේස් නොවන බව පළමුව සිහි තබා ගත යුතු බවයි.

එමෙන්ම ඔබ වැනි අසාර්ථක පිතිකරුවකු ඇතුළු අනෙකුත් අසාර්ථක පිතිකරුවන් තවදුරටත් පන්දුවට පහර දෙනු බලාසිටීමට මෙරට සාමාන්‍ය මහජනතාව තවදුරටත් සූදානම් නැති බවත් ඔහුගේ ට්විටර් පණිවිඩයේ සඳහන් වනවා.