“පොඩ්ඩකට එළියට යන්න කිව්වා. ගිහින් එනකොට චෙයාර්මන් පුටුවේ වෙන කෙනෙක් වාඩිවෙලා”

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති තනතුරෙන් රොහාන් ප්‍රනාන්දු ඊයේ දිනයේදී ඉවත් කරනු ලැබුවා.

ඔහු එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ රැස්වීමට සහභාගී වීම සඳහා පැමිණ තිබූ අතර එහිදී ඔහුට මදක් එළියෙන් සිටින ලෙස සෙසු පිරිස දන්වා ඇති අතර, යළිත් ටික වෙලාවකින් ඇතුළට පැමිණෙන විට තමන්ගේ සභාපති පුටුවේ වෙනත් අයෙකු අසුන්ගෙන ඇති බවයි ඔහු දැක ඇත්තේ.

අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් 10 දෙනෙකුට ආසන්න පිරිසක් ඔහුට විරෝධය පලකොට ඇති අතර ඒ අනුව බහුතරයකගේ එකඟත්වයෙන් ඔහුව මෙලෙස ඉවත්කොට තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button