NEWS

කිරිපිටි මිල යලි ඉහළට

ඉදිරි දිනවල දී කිරි පිටි මිල නැවත ඉහළ දැමීමට සිදු වන බව දේශීය සහ විදේශීය කිරිපිටි සමාගම් සඳහන් කර සිටිනවා. රජය විසින් පසුගිය 31 වනදා සිට බදු වර්ග කිහිපයක් ඉහළ දැමීමත් සමඟ මෙලෙස කිරිපිටි මිල ඉහළ දැමීමට සිදුවන බව ඔවුන් සඳහන් කර සිටින්නේ.

කිරිපිටි මිල කොපමණ මුදලකින් වැඩිවේද යන්න මේ වන විට සාකච්ඡා කරමින් පවතින බව සඳහන්,

දැනට වෙළඳපලේ ආනයනික ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක් රුපියල් 1020ක මිලකට හා කිරිපිටි කිලෝග්‍රෑමයක පැකට්ටුවක් රුපියල් 2,545 ක මිලකට අලෙවි කරනු ලබනවා.