NEWS

අද රැස්වන කැබිනට් මණ්ඩලයට විශේෂ යෝජනා කිහිපයක්

සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (06) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අද දිනයේදී විශේෂ යෝජනා කිහිපයක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඉන් ප්‍රධානතම යෝජනාව වන්නේ 21 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කිරීමයි. අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇත.

මීට අමතරව අද දිනයේ දී විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනාවක් සහ වගා නොකර අතහැර දමා ඇති පෞද්ගලික ඉඩම් රජයට පවරාගෙන වගා කරන පුද්ගලයින්ට ලබාදීමට අදාළ කැබිනට් පත්‍රිකාව ද අමාත්‍ය මන්ඩලයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත්තේ.

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් එම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීමට නියමිතයි.

මේ අතර රජයට අයත් ඉඩම් වගා කටයුතු සඳහා ලබාදීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලය පැවරීම අද දිනයේ සිට සිදුකෙරේ.