NEWS

රාජ්‍ය ආයතනවල ප්‍රධානින් ඉවත් කිරීමට පෙර දැනුම් දෙන්න

පූර්ව දැනුම්දීමකින් තොරව රාජ්‍ය ආයතන ප්‍රධානීන් ඉවත් නොකරන්නැයි ජනාධිපති කාර්යාලය අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී ඇති බව වාර්තා වනවා.

ඊට අදාළ විශේෂ චක්‍රලේඛයක් ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් විසින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට යවනු ලැබ ඇතැයි දැනගන්නට ඇත්තේ.

යම් අමාත්‍යාංශයකට අයත් රාජ්‍ය ආයතන ප්‍රධානියකු ඉවත් කරන්නේ නම්,ඒ සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලය පූර්ව දැනුවත් කිරීමක් කරන ලෙසද එම ලිපියෙන් දැනුම් දී ඇතැයි වාර්තා වේ.