NEWS

යෝගට්, මිදී, ඇපල් සඳහා බදු ඉහළ දැමේ

ආනයනික භාණ්ඩ කිහිපයක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද මුදල් අමාත්‍යාංශය විසින් සැලකිය යුතු ලෙස ඉහළ නංවා තිබේ.

ඒ අනුව ආනයනික යෝගට්, බටර් සහ කිරි යොදා නිෂ්පාදනය කරන තැවරුම් රසකාරක ආහාර සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රු. 1000 සිට රු. 2000 දක්වා ඉහළ දමා ඇත.

ඇපල් කිලෝග්‍රෑමයක් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රු. 200ක් ලෙසයි දැක්වෙන්නේ.

මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ විෂය පථයට යටත්ව මෙම බදු මුදල් සංශෝධනය සිදුකර තිබෙනවා.