NEWS

කොළඹ උද්ධමනය සීයයට 40ක් දක්වා ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2022 අප්‍රේල් මාසයේ පැවති 29.8% සිට 2022 මැයි මාසයේදී 39.1%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 අප්‍රේල් මාසයේ පැවති 46.6% සිට 2022 මැයි මාසයේදී 57.4%ක් දක්වා ඉහළ ගිය අතර, ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2022 අප්‍රේල් මාසයේ පැවති 22.0% සිට 2022 මැයි මාසයේදී 30.6%ක් දක්වා ඉහළ ගොස් ඇත.