NEWS

වසන්තා හඳපාන්ගොඩ අත්අඩංගුවට

අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමෝදර දී ඉකුත් (9) දින හටගත් සිද්ධිය සම්බන්ධයෙන් පොදුජන ගුරු සංගමයේ සභාපති වසන්තා හඳපාන්ගොඩ ඇතුළු හය දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් පස්දෙනා අතර මොරටුව නගරාධිපතිවරයාගේ පුතා, එම නගර සභා සේවකයින් තිදෙනෙකු, කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු සිටින බව පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් පිරිස ගෙන් සිද්ධියට අදාළ ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.