NEWS

අනිද්දා සිට දුම්රිය ප්‍රවේශ පත්‍ර මිල ඉහළ දමන හැටි මෙන්න

වෙන් කළ ආසන සඳහා අය කරනු ලබන ගාස්තු සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, එම ගාස්තු 30%කට අධික ප්‍රතිශතයකින් ඉහළ දමා ඇත.

ප්‍රධාන මාර්ගය, උතුරු මාර්ගය, මඩකලපු මාර්ගය, මුහුදුබඩ මාර්ගය, ත්‍රිකුණාමලය මාර්ගය සහ මන්නාරම මාර්ගයේ ගමන් කෙරෙන දුම්රියවල වෙන් කළ ආසන සඳහා අය කරනු ලබන ගාස්තු මෙලෙස ඉහළ දමා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අදාළ ගාස්තු සංශෝධනය ජූනි 1 වන දා සිට ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය මූලස්ථානය නිවේදනය කර සිටින්නේ.