චාමර සම්පත් සමඟ ඔට්ටු වූ නිළධාරියාගේ වැඩ තහනම් කරයි?

පසුගියදා එප්පාවල ලංකා පොස්පේට් රාජ්‍ය සමාගම් පරිශ්‍රයේදී අමාත්‍ය චාමර සම්පත් දසනායක සමඟ බහින්බස් වීමක් ඇති වූ සැපයුම් නිළධාරියාගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වනවා.
තහනමට ලක් වූ අදාළ නිළධාරියා විසින් ආයතනයට අවශ්‍ය නොවන වර්ගයේ ඇඹරුම් යන්ත‍්‍ර අමතර කොටසක් ගෙන්වීමෙන් ආයතනයට රුපියල් ලක්ෂ ගණනක පාඩුවක් සිදුව ඇති අතර එය භාවිතයට ගත නොහැකි බැවින් නැවත මාරු කිරීමටද කටයුතු කර නොමැති බව පසුගියදා ඇමැති චාමර සම්පත් දසනායකගේ නිරීක්ෂණ චාරිකාව අතරතුර සේවකයින් විසින් ප්‍රකාශ කිරීමත් සමඟ ඇති වුණේ උණුසුම් තත්වයක්.
මෙහිදී ඇමැතිවරයා විසින් සැපයුම් එස්. ඒ. අබේසිරි නමැති අදාළ සැපයුම් නිළධාරියාව සේවයෙන් පහ කරන බවට තර්ජනය කිරීමක් ද සිදු වී තිබුණා.
වැඩ තහනම් කරමින් නිකුත් කෙරුණු බවට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ලිපිය පහතින්.