හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ ගිනි ගත් නිවස ගොඩනගන්න “ළෙන්ගතුකමේ අත්වැල”

මැයි 9 වනදා සිදුවූ කළහාකාරී ප්රචණ්ඩත්වය අතරතුර මැතිඇමතිවරුන් රැසකගේ නිවාස හා දේපළද ගිනි තබා විනාශ කෙරුණා. හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ හුණුපිටිය ප්‍රදේශයේ පිහිටි නිවස, කාර්යාලය, රජයට අයත් වාහන 04 සහ ආරක්ෂක නිලධාරීන්ගේ යතුරුපැදි 2 ක්ද විරෝධතාකරුවන් විසින් සම්පුර්ණයෙන් විනාශ කර තිබුණා.
එම සිදුවීම වී දින 20කට පසු හිටපු අමාත්‍යවරයා සහ ඔහුගේ බිරිඳ විනාශ වූ සිය නිවස බැලීමට පැමිණියා.
මෙහිදී හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ ගිනිබත් වූ නිවස නැවත ගොඩනැගීම වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික් සහෘද එකමුතුව විසින් “ළෙන්ගතුකමේ අත්වැල ” නමින් ව්‍යපෘතියක්ද ආරම්භ කරනු ලැබුවා.
එහිදී අදහස් දැක්වු හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවිර,
“අපි දෙන්න තනාගත්ත නිවස පෙට්‍රල් බෝම්බ ගහලා විනාශ කළා. මම බෙහෙවින්ම කනගාටු වෙන්නේ මගේ දරුවන්ගේ අධ්‍යාපන කරන්න තිබුණ පොත්පත් සියල්ල විනාශ කරලා දැම්මා. මගේ බිරිඳට ඇඳිවත විතරයි ඉතිරි වුණේ.”