NEWS

රටේම ඇස් ඇරෙන්න රාජ්‍ය පරිපාලන ලේකම් කියූ තිතත් ඇත්ත කතාව

වගා කළ හැකි රජයේ ඉඩම් එම ප්‍රදේශයේ ගොවීන්ට වගාකිරීම සඳහා ලබාදෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටීනවා.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ලේකම් ප්‍රියන්ත මයාදුන්න,

“අපිට ඉරහඳ වගේ විශ්වාසයි යල කන්නයේ දැනටත් 55%ක් විතර තමයි කුඹුරුවලට බැහැලා තියෙන්නේ. අපි දැඩි ආහාර අර්බුදයකට මුහුණුදෙමින් ඉන්නේ. ඔබට තේරෙනවා ඇති අපි ඉන්නේ ගිනි කන්දක් උඩ. මට දැනෙන හැටියට මේ වෙලාවේ එක මඤ්ඤාක්කා දණ්ඩක්වත් අහක දාන්න එපා. එක බතල දණ්ඩක්වත් කුණුවෙන්නට නොදී හැම මිනිහෙක්ම කොහේ හරි තැනක බිමට යමක් එකතු කළොත් කෙටිකාලීන බෝගයක් අඩුම තරමේ වේල් තුන වේල් දෙකකින් හරි නැතිනම් එක ව්‍යාජනයකින් බතක් හරි කලා ඉන්න පුළුවන් මට්ටමට හදාගන්න පුළුවන්. මේ තමයි අපි මුහුණදෙමින් පවතින ඇත්තම තත්ත්වය. මේ වෙලාවේ හැම පන්සලක්ම, හැම කෝවිලකම, හැම දේවාලයකම පුද පුජා නවත්තලා වගාකරන්න ඕනේ. හැම පාසලක්ම ගුරුදෙගුරු සංගමයක්ම වගාකරන්න ඕනේ. හැම රාජ්‍ය ආයතනයක්ම වගා කරන්න ඕනේ. පසුගිය මතිමතාන්නර අර පිස්සු ආකල්පවල ඉන්නේ නැතිව. සමහර විට ඇහුවාම කියනවා. ඉඩමේ වගාකරන්න විදිහක් නැහැ, තෙල් නැහැ. තමන් වගා කරන්න එපා ඒ ගමේ ඉන්න ගොවීන් තුන්දෙනාට දෙන්න ඒ රජයේ ඉඩම වගාකර ගන්න. ඒ නිසා එතනින් පටන්ගන්න.”

මේ අතර, විධායකයේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දක්වාත්, අමාත්‍යංශ ලේකම්වරයාගේ සිට පහළම නිලධාරීයා දක්වාත් වරප්‍රසාද ලබාගැනීම වසර 10කින් කල්දැමිය යුතු බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් එම්.එම්.පී.කේ මයාදුන්න සඳහන් කර සිටියා.

දැනට මතුව ඇති ගැටලුකාරි වතාවරණයට රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලු පාර්ශවයන් වගකිවයුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සංවිධානය කළ වැඩමුළුවකට එක්වෙමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් එම්.එම්.පී.කේ මයාදුන්න මෙම අදහස් පළ කර සිටියා.