NEWS

කුකුල් මස් සහ බිත්තර වලට අත්වෙන ඉරණම

ඉදිරියේදී බිත්තරයක් රුපියල් 50ක් දක්වා සහ කුකුළුමස් කිලෝවක මිල රුපියල් 1200 දක්වා ඉහළ යා හැකි බව සමස්ත ලංකා කුකුළු ගොවිපළ සම්මේලනය පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී එහි සභාපති අජිත් ගුණසේකර කියා සිටියේ තම කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනයට ඩොලර් නොමැතිවීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.

මේ අතර, පොහොර නොමැතිකමින් පීඩා විදින ගොවීන්ට ඉන්ධන අර්බුදය හේතුවෙන් සිය වගාවන් කරගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙනවා.