NEWS

වතුර බිලට පොල්ල තැබූ දේශපාලකයින්ගේ ලැයිස්තුව එළියට

දේශපාලඥයන් අසූ පස් දෙනෙකු සිය නිවාසවලට ලබා ගත් ජලය වෙනුවෙන් ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයට රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇති බව වාර්තා වනවා.

ජල බිල ගෙවීම පැහැර හැරි දේශපාලඥයන්ගේ ලයිස්තුව එම මණ්ඩලය විසින් රජයට පසුගිය සතියේ බාරදෙනු ලැබ තිබෙනවා.

මෙසේ ජල බිල ගෙවීම පැහැර හැර ඇති දේශපාලඥයන් පිරිසට පාර්ලිමේන්තුවේ දැනට සිටින මැති ඇමැතිවරුන්, හිටපු මැති ඇමතිවරුන් සහ මියගිය මැති ඇමතිවරුද ඇතුළත් බව සඳහන්.

මෙම දේශපාලනඥයන්ගෙන් 50 කට ආසන්න පිරිසකගේ හිඟ ජල බිල රුපියල් ලක්ෂ 6-10 අතර වන බව ජල සම්පත් මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

පාර්ලිමේන්තුවේ දැනට සිටින මැති ඇමැතිවරුන්ගේ හිඟ ජල බිල්පත්වල එකතුව රුපියල් ලක්ෂ 70 ඉක්මවන බව දැනගන්නට ඇත.

මියගොස් ඇති දේශපාලඥයන්ගේ හිඟ ජල බිල්පත්වල එකතුව ලක්ෂ 30කට අධික බවයි වාර්තා වන්නේ.