NEWS

පොලිසියේ ඉහළ පුටු 03කට ස්ථාන මාරුවීම්

උසස් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට ස්ථානමාරුවීම් ලබාදී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය අංශය සඳහන් කළේ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයා විසින් අදාළ ස්ථානමාරු කිරීම් සේවයේ අවශ්‍යතාවය මත ක්‍රියාත්මක කර ඇති බවයි.

ඒ අනුව,

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ඩී.ආර්.එස් දමින්ද – දකුණු පළාත භාර ‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත්,

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.ඒ රෝහණ – අපරාධ හා රථ වාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත්,

වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල්.කේ.ඩබ්ලිව්.කේ සිල්වා – නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට අපරාධ හා රථ වාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත් පත්කර තිබේ.