NEWS

සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානින්ට විශේෂ දැනුම් දීමක්

සියලුම රාජ්‍ය මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ආයතනවල සභාපතිවරු ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන්ට ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඊයේ පස්වරුවේ දැනුම් දී තිබෙනවා.

රූපවාහිනී සහ ගුවන් විදුලි යන සංස්ථාවවල සහ ලේක්හවුස් පුවත්පත් ආයතනය ඇතුළු මාධ්‍ය ආයතන කීපයක අධ්‍යක්‍ෂ මණ්ඩවල සාමාජිකයන්ට එසේ දැනුම් දුන් බවත් ඔවුන් ඉවත් වූ වහාම නව සභාපතිවරු සහ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන් පත්කරන බවත් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.

එම දැනුම් දීමත් සමගම ස්වාධින රූපවාහිනි සේවයේ සභාපති නිරෝෂන් ප්‍රේමරත්න ඊයේ දිනයේදී සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබුණා.