අනතුරු සිදු කරන රියැදුරන්ට ඉදිරියේදී කරන්න යන දේ

මාරක රිය අනතුරු සිදු කරන සියලු රියැදුරන් වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට යෝජනා වී ඇති බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ, මේ වන විට මත්පැන් වලට අමතරව විවිධාකාර විෂ මත්ද්‍රව්‍ය ලබාගෙන ඇතැම් රියැදුරන් රිය ධාවනය කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.

එවැනි රියැදුරන් හඳුනාගැනීම⁣ට අවශ්‍ය උපකරණ ගෙන්වීමට කටයුතු කරන බවත්, විෂ මත්ද්‍රව්‍ය ලබා⁣⁣ගෙන රිය ධාවනය කර අනතුරු සිදු කරන රියැදුරන් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමෙන් පසු හඳුනාගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button