NEWS

පෙට්ට්‍රල් ලීටර් 13,000ක් සමග බවුසරයක් කුරුණෑගලදී පෙරළෙයි

කුරුණෑගල නගරයට ආසන්නයේදී ඉන්ධන බවුසරයක් මාර්ගය හරහා පෙරළීයාමෙන් අනතුරක් සිදුවි තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේදී එම බවුසරය කොළඹ සිට කින්නියා බලා ගමන්කරමින් තිබූ බවයි වාර්තා වන්නේ.

එම බවුසරය තුළ පෙට්‍රල් ලීටර් 13,200ක ප්‍රමාණයක් තිබී ඇති අතර අනතුරින් ඉන්ධන විශාල ප්‍රමාණයක් අපතේ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරත් සමග හදිසි ගිනි ගැනීමක් ඇතිවීම වැළැක්වීම සඳහා කුරුණෑගල ගිනි නිවීම් ඒකකය විසින් බවුසරය වෙත ජලය ඉසිමින් නැවත එය මාර්ගයට ගැනීමට පියවර ගෙන තිබෙනවා. කෙසේ වුවද බවුසරය තුල තිබු පෙට්ට්‍රල් විශාල ප්‍රමාණයක් අපතේ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සිදුවීම සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසිය පරීක්ෂණ සිදුකරනු ලබනවා.