NEWS

අදත් ගෑස් නැහැ – ජනතාවට පෝලිම්වල රැඳී සිටීමෙන් වළකින්නැයි දැනුම් දෙයි

අද දිනයේද ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළඳපොළට නිකුත් නොකරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එලෙස ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළඳපොලට නිකුත් නොකෙරෙන්නේ අඛණ්ඩව සිව්වන දිනටයි. හෙට දිනයේද ගෑස් සිලින්ඩර් මිලදී ගැනීම සඳහා පෝලිම්වල රැදී නොසිටින ලෙසයි ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් ජනතාවගෙන් ඉල්ලා සිටියේ.
මේ අතර ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,500 ක් රැගත් නෞකාවක් අද දිනයේ දිවයිනට පැමිණීමට නියමිතයි. තවත් ගෑස් තොගයක් රැගත් නෞකාවක් ඉදිරි දින කිහිපය ඇතුළත දිවයිනට ළගාවීමට නියමිත බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ. තිබෙනවා.