NEWS

අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ලබන හත්වෙනිදා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

වර්තමානයේ දී රට මුහුණ දී තිබෙන ආර්ථික තත්ත්වය පිළිබඳව මෙන්ම අර්බුදයෙන් ගොඩ යාම සඳහා අනුගමනය කරන්නට බලාපොරොත්තු වන සැලසුම් පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු දැක්වීමට නියමිතව ඇතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරන්නේ.