NEWS

ඝාතනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීගේ රියදුරුගේ ATM කාඩ් පතෙන් හෙළිවූ දේ

නිට්ටඹුව ප්‍රදේශයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල සහ ඔහුගේ පොලිස් ආරක්ෂක නිලධාරියා ඝාතනය කර ඔහුගේ රියදුරුගේ පසුම්බියේ තිබු ATM කාඩ්පත පැරගෙන ඉන් භාණ්ඩ මිලදී ගත් සැකකරුවන් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.

මෙම සැකකරුවන් දෙදෙනා දින මත්කුඩු පානයට ඇබ්බැහි වී ඇති දෙදෙනෙකු බවත් පැහැර ගත් එම කාඩ් පතෙන් ජංගම දුරකථන දුරකතන ඇතුළු රුපියල් ලක්ෂ 2 1/ 2 භාණ්ඩ මිලදී ගෙන ඇති බවත් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ.

මෙම ATM කාඩ්පත රියදුරු ගේ බිරිඳට අයත් එකක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

සිද්ධිය වූ දිනයේ රථය පැදවූ මෙම රියදුරු ඉවතට රැගෙන ගොස් මාර්ගයේ ඇති විදුලි පහන් කණුවක ගැටගසා පහරදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

රියදුරුට පහර දෙන අවස්ථාවේ සැකකරු විසින් මෙම කාඩ් පත සොරාගෙන ඇති බවත්, කාඩ් පතෙන් මිලදී ගත් භාණ්ඩ ඔවුන් යළිත් වෙනත් පුද්ගලයන්ට අලෙවි කර මුදල් ලබාගෙන මත්කුඩු පානය කර ඇති බවද පොලිස් මාධ්‍ය බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 27, 28 වයස්වල පසුවන නිට්ටඹුව සහ වරකපොල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

මෙම සැකකරුවන් දෙදෙනා සමගම නිට්ටඹුව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන් 14 දෙනකු අඩංගුවට ගෙන ඇත.