NEWS

මහින්ද දේශපාලනයෙන්ම සමුගනී ?

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ඔහු හෙට දිනයේ ඔහු පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සිය ඉල්ලා අස්වීස නිවේදනය කිරීමට නියමිතව ඇති බවච සදහන්ය.

මහ නාහිමිවරුන්ගේ ඇතුළු ආගමික නායකයන්ගේ ඉල්ලීමට අනුගත වෙමින් සහ නව ආණ්ඩුවක් ස්ථාපිත කිරීමට අවස්ථාව සලසා දෙමින් ඒ මහතා ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතය.

දැනටමත් මේ බව රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට දැනුම් දී ඇති අතර ජනාධිපතිවරයා ඇතුළු රාජපක්ෂ පවුලේ සෙසු පිරිස් ඒ සඳහා කැමැත්ත පළ කර ඇති බවත් සඳහන් වෙයි.

අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් විපක්ෂය විසින් හෙට දින ඉදිරිපත් කිරීමට යෝජනා වී ඇති අගමැතිවරයා ධුරයෙන් ඉල්ලා අස් වූ පසු අදාළ විශ්වාසභංග යෝජනාව ඵලරහිත වෙයි.

අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වීමෙන් පසු නව අග‍්‍රාමාත්‍යවරයෙකු යටතේ නව ආණ්ඩුවක් පිහිටු වීමට නියමිතව තිබේ.

කෙසේ වුවත් මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයෙන් සමුගනු ඇති බවට ඇතමුන් ප්‍රකාශ කලද එවැනි තීරණය තවමත් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.