ARTICLES

කරන්ට් -තෙල් නැතත් අමාරුවෙ නොවැටී සමාර්ට් විදිහට වැඩ කරගන්න උපදෙස් ටිකක්

මේ දවස්වල කරන්ට් එක කපන එක හැමෝටම ප්‍රශ්නයක්..ඒත් එක්කම තෙල් පෝලිම් වලත් ඉන්න ඕන නිසා වාහනේට ගහගන්න තෙල් ටික හරි පරිස්සමින් තමයි පාවිච්චි කරන්න ඕනේ.

මේ දේත් එක්කම ඔයාගේ වියදම් පොඩ්ඩක් අඩු කරගෙන ,අමාරුවෙ වැටෙන්නෙ නැතුව වැඩ කරගන්න උපදෙස් ටිකක් තමයි මේ.

1.එක ගමනින් වැඩ දෙක තුනක්

අපි සාමාන්‍යයෙන් වාහනේ යනකොට වෙනදා ගමන් දෙක තුනක යනවනම් ,දැන් ඒ යන ගමන් වාර ගැනත් හිතන්න වෙලා.හැබැයි අපිට මෙහෙම කරන්න පුලුවන්.ඔබට අඩු දුරක් එන විදිහට ඒ ගමන සැලසුම් කරන්න පුලුවන්.එතකොට සමහර විට වෙනදා යන පිළිවෙලට නොගියත් ,වෙලාව එහෙ මෙහෙ කරගෙන දුර අඩුවෙන විදිහට ගමන සැලසුම් කරගන්න පුලුවන්.

2.වෙලාව එහෙ මෙහෙ කරගන්න

වෙනදා ඔෆිස් යන වෙලාවට ට්‍රැෆික් එකත් එක්ක ඔයා වෙනත් පාරවල් එහෙම පාවිච්චි කරනවා වෙන්න පුලුවන්.සමහර විට ඒ නිසාම දුර වැඩි වෙන්නත් පුලුවන්.

හැබැයි මෙහෙම හිතන්නකෝ.ඔයා පැයකට කලින් ඔෆිස් එකට යන්න පිටත් වෙනවනම් මේ දේවල් මඟ හැරගෙන ඉන්ධන ඉතිරි කරගන්න පුලුවන් වෙනවා.

3. ඔන්ලයින්ම පුරුදු වෙන්න

වෙනදා බැංකුවට ගිහිල්ලා කරගන්න වැඩෙට ඔයාට වෙලාව වගේම වාහනේ යද්දි ඉන්ධන වැය වෙනවනේ.හැබැයි ගෙදර ඉඳලා ෆෝන් එකෙන්ම කරගන්න පුලුවන් ගණුදෙනු වලට එහෙම වියදම් කරගන්න එක අපරාදේ නේද ? ඒ නිසා පුලුවන් තරම් ඔන්ලයින් ක්‍රමයට හුරු වෙන එක ඔයාගේ වැඩ වලට වගේම පර්ස් එකටත් හොඳයි.

ඔයාට තියෙන්නේ සෙලාන් බැංකුවේ ගිණුමක් නම් ඔයාට ඔන්ලයින් බැංකු සේවා වැනි පහසුකම් බොහොම ලේසියෙන්ම ලබා ගන්න පුලුවන්.මොකද ගිණුම් අතර මුදල් හුවමාරු කරන්න වගේම ඕනම බිල්පතක් ගෙවීමෙ පහසුකම සෙලාන් ඇප් එකෙන් ඔයාට හිමිවෙනවා.

4.කරන්ට් එක ගියාම වැඩ පාඩුයි ද ?

කරන්ට් එක යන එන වෙලාව දන්න නිසා ඔයාට පුලුවන් ෆෝන් එක එහෙම කලින්ම චාර්ජ් කරලා තියාගන්න.ඒත් ඒක අමාරුයි නම් පවර් බෑන්ක් එකක් පාවිච්චි කරනවා වගේ විසඳුමකට යන්නත් පුලුවන්.ගෙදර භාවිතා කරන බල්බ් වුනත් විදුලිය නැතත් ක්‍රියාත්මක වෙන බල්බ් වලට මාරු කරගත්තොත් ඔයාගේ වැඩ ටික තරමක් පහසු කරගන්න පුලුවන්.

ඒ නිසා මේ වගේ පොඩි පොඩි දේවල් වලට හුරු වුනොත් ඔයාගේ ලයිෆ් එක ස්මාර්ට් කරගන්න එක අමාරු දෙයක් නෙවෙයි .