NEWS

අගමැතිට එරෙහිව විශ්වාස භංගයක් ?

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත් වීමට කටයුතු නොකරන්නේ නම් විශ්වාස භංග යෝජනාවක් හෙට දිනයේ සිට අත්සන් කිරීමට තීරණය වී ඇතැයි වාර්තා වෙයි.

මෙම යෝජනාව සඳහා ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට එක්වූ කණ්ඩායමද සහාය දෙනු ඇති බවද සඳහන්ය.

අවශ්‍ය කරන අත්සන් සම්පූර්ණ කරගැනීමෙන් පසු ඊළඟ පාර්ලිමේන්තු දිනයක දී කතානායකවරයාට එය භාරදීමට නියමිතව තිබේ.